X-Steel - Diagonal Resize 2
  

Saturday, January 28, 2012

SI ක්‍රමයේ ගුණාකාර සහ උපගුණාකාර

                      SI ක්‍රමයේ ගුණාකාර සහ උපගුණාකාර

                                            

අන්තර්ජාතික ඒකක ක්‍රමය පිළිබඳව අපි පෙර ඉගෙන ගත්තෙමු. ඒකකයක් භාවිතයට සුදුසු වන්නේ මිනුමක විශාලත්වය දැකවීමට පහසු නම් පමණි. එනම් අඩු ඉලක්කම් ගණනකින් ඉතා නිවැරදි අගයක් ලබා ගත හැකි විය යුතුයි. උදාහරණයක් විදියට අපට තත්පර වලින් අපේ වයස කීමට අපහසුයි. එනම් යම් කිසි භෞතික රාශීයක විශාලත්වය අනුව සුදුසු අන්තර්ජාතික ඒකකය භාවිතා කළ යුතුයි. එවිට අපිට පැහැදිලි මිනුමක් ලබා ගැනීමට හැකියාව තිබේ. කොළඹ සිට යාපනයට දුර කිලෝමීටර 304.33 කි. නමුත් සම්මත අන්තර්ජාතික ඒකකය වන මීටර වලින් නම් 304330 කි. එවැනි අවස්ථාවකදී සුදුසු වන්නේ කිලෝමීටර වේ. ඉතින් මෙවැනි අවස්ථාවන් සඳහා ගුණාකාර සහ උපගුණාකාර (Prefixes) හඳුන්වා දී තිබේ. ඒවා අතර පැහැදිලි සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක්ද තිබෙන බැවින් එදිනෙදා භාවිතයට පහසු වේ.

සංකේතය උපසර්ගය ගුණනය
Y yotta 10 24
Z zetta 10 21
E exa 1018
P peta 10 15
T tera 10 12
G giga 10 9
M mega 10 6
k kilo 10 3
h hecto 10 2
da deka 10 1
10 0
d deci 10 -1
c centi 10 -2
m milli 10 -3
μ micro 10 -6
n nano 10 -9
p pico 10 -12
f femto 10 -15
a atto 10 -18
z zepto 10 -21
y yocto 10 -24
ඉහත පරිදි ගුණාකාර වල අගය 0ට වැඩි වන අතර උපගුණාකාර වල අගය 0ට අඩුවේ. තවද මෙම ගුණාකාර සහ උපගුණාකාර සියල්ල 10හි බල වලින් ප්‍රකාශ කර ඇති නිසා ඒකක පරිවර්තනයට පහසු වේ. සියලු ගුණාකාර සහ උගගුණාකාර සම්මත ඒකකයට ඉදිරියෙන් ලියනු ලැබේ. උදාහරණයක් නම් “centi” උපගුණාකාරය”meter” සඳහා යෙදීමේදී “centimeter” ලෙස ලියනු ලැබේ.
මෙම ගුණාකාර සහ උපගුණාකාර පොදුවේ උපසර්ග(Prefixes) ලෙස හඳුන්වන අතර ඒවා සංකේතයෙන් දැක්වීමේදී කැපිටල්, සිම්පල් භේදය අනුගමන කළ යුතුයි.

0 comments:

Post a Comment

 
Design by ජීවීතේ(Jivithe) | Bloggerized by SS Sameera Sandaruwan - cheap international calls