X-Steel - Diagonal Resize 2
  

Saturday, January 28, 2012

අසන්තතිත සංකල්පය

                         අසන්තතිත සංකල්පය

මේ ලෝකේ තියෙන හැම ද්‍රව්‍යයක්ම අපේ මේ ඇස් දෙකට පේනවා. නමුත් සමහර දේ පේන්නේ නෑ. ඒ ඉතා කුඩා විම හේතුවෙන්. අපි මොකක් හරි ද්‍රව්‍යයක් අන්වීක්ෂයකින්(ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින්) විශාල කරගෙන කරගෙන ගියොත් අපි කිසිදාක දැක නොමැති දේවල් ටිකක් පේනවා. නමුත් අන්වීක්ෂයක විශාල කර බැලීමේ සීමාවක් තියෙනවා. හරියට අපේ ඇසනුත් කුඩා දේවල් බලන්න බෑ වගේ. උදාහරණයක් විදියට අපි ජීවී සෛලයක් අරගෙන උපරිම විශාල කිරීමේ හැකියාවක් ඇති අන්වීක්ෂයකින් බැලුවොත් අපිට තවදුරත් සෛලයේ අන්තර්ගත විවිධ කොටස් බලන්න පුළුවන්. ඉතින් ඕනෑම ද්‍රව්‍යයක් අරගෙන බැලුවොත් මේ දේම තමා වෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඕනෑම ද්‍රව්‍යයක් සෑදිලා තියෙන්නේ තවත් ද්‍රව්‍ය ගණනාවකින්. ඒ කියන්නේ එම ද්‍රව්‍ය වල තැනුම් ඒකකය හැදිලා තියෙන්නේ තවත් තැනුම් ඒකක වලින්. එම තැනුම් ඒකකය හැදිලා තියෙන්නෙත් තවත් තැනුම් ඒකක වලින්. ඔය විදියට අපිට කෙළවරක් නැති තැනුම් ඒකක හමුවේවි.
                                            
නමුත් තැනුම් ඒකක වල කෙළවරක් තිබිය යුතුයි කියලා විද්‍යාඥයෝ හිතුවා. එම නිසා එහි අග කෙළවරට සීමාවක් දෙමින් පරමාණුව(Atom) නැමැති කිසිදාක දැක නොමැති අංශුවක් ඔවුන් නම් කරගත්තා. ඉතින් එම පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් මේ කිසිදාක දැක නොමැති අද්භූත අංශුව(භූතාර්ථය) ගැන විද්‍යාඥයෝ විසින්ම කුතුහලයක් නිර්මාණය කරගත්තා.
මෙහෙම පරමාණු ට්‍රිලියන ගණන්(සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට අපහසුයි) එකතු වෙලා විවිධ ද්‍රව්‍ය හැදෙනවා කියලා මතයක් ගොඩ නැගුණා. මෙහෙම මතයක් ගොඩ නැගෙන්න හේතු සාධක තිබුණා. දැන් හිතන්නකෝ ටිකක් ලොකු ලුණු කැටයක් ජල වීදුරුවකට දානවා කියලා. එතකොට ඒක පතුලට බහිනවා. ටික වේලාවක් යද්දී අපිට මේ ලුණු කැටය දකින්න ලැබෙන්නේ නෑ. ඒ ලුණු කැටය හොඳටම දිය වෙලා. ඔය ලුණු කැටය තනි කැබැල්ලක් වුණා නම් දිය වෙයිද? ඒ කියන්නේ ඒ කැටයම තනි පරමාණුවක්(අංශුවක්) වුණානම් ඔය විදියට වතුරේ දී ඉතාමත් කුඩා කැලී වලට කැඩි කැඩි දිය වෙන්නේ නෑ. එන්න ඒකෙන් අපිට ලුණු කැටය ඉ

0 comments:

Post a Comment

 
Design by ජීවීතේ(Jivithe) | Bloggerized by SS Sameera Sandaruwan - cheap international calls