X-Steel - Diagonal Resize 2
  

Saturday, January 28, 2012

විද්‍යුත් චුම්භක වර්ණාවලිය

                      විද්‍යුත් චුම්භක වර්ණාවලිය

පසුගිය ලිපි වලින් අප විවිධ කිරණ වර්ග හඳුනාගනු ලැබුවා ඔබට මතක ඇති. මේ කිරණ බොහොමයක් විද්‍යුත් චුම්භක වර්ණාවලියට අයත් වෙනවා. කුමක්ද මේ විද්‍යුත් චුම්භක වර්ණාවලිය කියන්නේ?

විද්‍යුත් චුම්භක වර්ණාවලිය(Electromagnetic Spectrum) කියන්නේ විද්‍යුත් චුම්භක විකිරණයන් ඒවායේ ශක්තිය, සංඛ්‍යාතය, සහ තරංග ආයාමය අනුව පිළියෙල කළ වගුවක්. මෙය ගැමා කිරණවල සිට රේඩියෝ තරංග දක්වා පරාසයක විහිදෙනවා. ගැමා කිරණ ඉතා කෙටි තරංග ආයාමයක් ඇති අතර ඉහළ ශක්තියක් දරනවා.
විද්‍යුත් චුම්භක වර්ණාවලිය (Electromagnetic Spectrum)

විද්‍යුත් චුම්භක වර්ණාවලිය (Electromagnetic Spectrum)

මෙහිදී අපට වඩාත් වැදගත් වන්නේ එක්ස් කිරණ සිට අධෝරක්ත කිරණ දක්වා පරාසයයි.

එක්ස් කිරණ – X-rays

ඔබ දැනටමත් දන්නවා එක්ස් කිරණ පිළිබඳව. එක්ස් කිරණ වල තරංග ආයාමය නැනෝමීටර 0.01 ත් 10ත් (0.01 – 10 nm) අතර පරාසයක පවතින අතර ඉලෙක්ට්‍රෝණ වොල්ට් 120 සිට ඉලෙක්ට්‍රෝණ කිලෝවොල්ට් 120 (120 eV – 120 keV) අතර පවතී. විවිධ අවශ්‍යතා අනුව එක්ස් කිරණවල තරංග ආයාමය වෙනස් කර භාවිතයට යොදාගනී. උදාහරණයක් ලෙස දැනට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ගුවන් තොටුපලවල ශරීර පිරික්සීමේ උපකරණය ඉතා මෘදු සහ ශක්තිය අඩු එක්ස් කිරණ භාවිතා කරන අතර, සංයෝගවල ව්‍යුහයන් නිර්ණය කරන එක්ස් කිරණ ස්ඵටික විද්‍යාවේදී දෘඪ එක්ස් කිරණ භාවිතා කෙරෙනවා. එක්ස් කිරණවල වෙනත් උපයෝගීතා වන්නේ තාරකා විද්‍යාව, එක්ස් කිරණ අන්වීක්‍ෂ, කර්මාන්ත ශාලාවල භාණ්ඩවල පළුදු පරීක්‍ෂාව, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය, විවිධ සියුම් කලා නිර්මාණවල සංයුතීන්, නිරවද්‍යතා ආදිය නිර්ණය, එක්ස් කිරණ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝණ වර්ණාවලීක්‍ෂණය (X-ray Photoelectron Spectroscopy) ආදී දෑ වලටයි.

පාරජම්බුල කිරණ (Ultra Violet Rays)

පාර ජම්බුල කිරණ බොහෝ දෙන දන්නේ UV කිරණ ලෙස. පාරජම්බුල යනු දම් පැහැයෙන් ඔබ්බට ඇති කිරණයි. දෘශ්‍ය ආලෝකයේ මුල්ම වර්ණය වන දම් පැහැය සහ එක්ස් කිරණ අතර ඇති තරංග ආයාම පරාසය මේ යටතට වැටේ. එය නැනෝ මීටර 10 සිට 400 දක්වා පරාසයක විහිදේ. ශක්තිය ඉලෙක්ට්‍රෝණ වෝල්ට් 3 සිට 124 දක්වා පරාසයක ඇත. පාරජම

0 comments:

Post a Comment

 
Design by ජීවීතේ(Jivithe) | Bloggerized by SS Sameera Sandaruwan - cheap international calls