X-Steel - Diagonal Resize 2
  
Sunday, February 5, 2012

Sirasa TV - Live

                Sirasa TV Live  -  JIVITHE.blogspot.com

S ගොනුවෙ මුලදව්‍ය වල තාප ස්ථායි තාවය.

                S ගොනුවෙ මුලදව්‍ය වල  තාප ස්ථායි තාවය.

1 . කාබනෙට වල තාප ස්ථයි තාවය .

* පළමු කණ්ඩයෙ ලිතියම් කබනේට හැර අනෙකුත් කාබනෙට තාප වියොජනය නොවේ.
  •  Li2CO3    ->   Li2O   +  CO2
  •  Na2CO3    ->   ---------
  •  K2CO3     ->    ---------
  •  Rb2CO3    ->   ---------
  •  Cs2CO3    ->   ---------            

* දෙවන කණ්ඩයෙ කබනේට තාප වියොජනය වි CO2 හා ඔක්සයිඩය සාදයි .

  • Be2CO3  ->  BeO   +  CO2
  • Mg2CO3 ->  MgO  +  CO2
  • Ca2CO3  ->  CaO   +  CO
  • Sr2CO3   ->  SrO    +  CO2
  • Ba2CO3  ->  BaO   +  CO2

*ආනෙකුත් ලොහ හා උභය ගුණි ලොහ සාදන කාබනෙට තාප වියොජනය වි CO2 හා ඔක්සයිඩය සාදයි .
  • Al2(CO3)3 ->   Al2O3  +  CO2
  • SnCO3      ->    SnO    +  CO2
  • ZnCO3      ->    ZnO    +  CO2
  • PbCO3      ->    PbO    +  CO2
  • CuCO3      ->   CuO    +  CO2
* Ag2COහා HgCOතාප වියොජනය වි නිදහස් ලොහය , CO2 හා O2 සාදයි .

  • 2Ag2CO3    ->   2Ag   + 2CO2  + O2
  • 2HgCO3    ->   2Hg   + 2CO2 + O2

 *ආලොහ කාබනෙටයක් වන (NH4)2COතාප වියොජනය වි NH3 ,CO2 හා H2සාදයි .

  • (NH4)2CO3  ->  NH3  +  CO2 +  H2O                   
2 . හයිඩොක්සයිඩ් වල තාප වියොජනය

* පළමු ඛණ්ඩයෙ ලිතියම් හයිඩොක්සයිඩ් හැර අන් කිසිම හයිඩොක්සයිඩක් තාප වියොජනය නොවේ.

  •   LiOH   ->   Li2O  + H2O
  •   NaOH  ->  -----
  •   KOH   ->  -----
  •   RbOH  ->  -----
  •   CsOH  ->  -----

* පළමු ඛණ්ඩයෙ ලිතියම් හයිඩොක්සයිඩ් ද දෙවන ඛන්ඩයෙ හයිඩොක්සයිඩ් ද අනෙකුත් ලොහ සදන හයිඩොක්සයිඩ් ද තාප වියොජනය වි අදාළ ඔක්සයිඩය හා ජල වාෂ්ප සාදයි .

* Hg(OH)2 ,  AgOH    තාප වියොජනය වි නිදහස් ලොහය, ඔක්සිජන් වායුව හා ජල වාෂ්ප සාදයි .

  •  2Hg(OH)2  ->  2Hg  +  O2  +  2H2O
  •  4AgOH      ->  4Ag  +  O2  + 2 H2O

* NH4OH තාප වියොජනය වි ඇමොනිය වායුව හා ජල වාෂ්ප සාදයි .

  • NH4OH  ->  NH3  + H2O
3 . නයිට්රේට් වල තාප වියොජනය

* පළමු ඛණ්ඩයෙ ලිතියම් නයිට්රේට් හැර අනෙකුත් නයිට් රේට්  තාප වියොජනය වි නයිට්රයිටය හා ඔක්සිජන් වායුව සාදයි .

  •    LiNO3    ->  Li2O   +  NO2   +  O2
  •    NaNO3  ->  NaNO2  + O2  
  •    KNO3   ->  KNO2    +  O2
  •   RbNO3  ->  RbNO2   +  O2
  •   CsNO3  ->  CsNO3   +  O2

* පළමු ඛණ්ඩයෙ ලිතියම් නයිට් රේට්  ද දෙවන ඛන්ඩයෙ නයිට් රේට්  ද අනෙකුත් ලොහ සදන නයිට් රේට්  ද තාප වියොජනය වි අදාළ ඔක්සයිඩය , ඔක්සිජන් වයුව හා නයිට් රජන් ඩයොක්සයි වායුව සාදයි .
 
* Hg(NO3)2 , AgNO3 තාප වියොජනය වි නිදහස් ලොහය, ඔක්සිජන් වායුව හා නයිට් රජන් ඩයොක්සයි වායුව සාදයි .

  •      Hg(NO3)2   ->  Hg    +  2NO2   +  O2
  •      2AgNO3     ->  2Ag  +   2NO2   +  O2
* NH4NO3 තාප වියොජනය වි නයිට්‍රස් වායුව හා ජල වාෂ්ප සාදයි .

  •  NH4NO3   ->  N2O   +   H2O

බයි කාබනෙට වල තාප වියොජනය

*සියලු බයි කාබනෙට තාප වියොජනය වි ඒහි කාබනෙටය බවට පත් වේ .

  •     NaHCO3  ->  Na2CO3  +  CO2  +  H2O
  •     MgHCO3  ->  MgCO3   +  CO2  +  H2O

සල්ෆෙට් වල තාප වියොජනය

* පළමු ඛණ්ඩයේ සල්ෆෙට තාප වියොජනය නොවේ .

* දෙවන ඛණ්ඩයේ සල්ෆෙට තාප වියොජනය වි ඒහි ඔක්සයිඩය හා SO3 ලාබදේ .
    
  • MgSO4  ->  MgO  +  SO3 
** පළමු ඛණ්ඩයේ හා දෙවන ඛණ්ඩයේ ඔක්සයිඩ , හෙලයිඩ හා පොස්ෆෙට තාප වියොජනය නොවේ .

                  ලිව්වෙ : කේ.වි.සමිර සදරැවන්                     උපුටා ගැනිමෙන් වළකින්න .

S ගොනුවෙ මුලදව්‍ය වල ප්‍රතික්‍රියා

                   S ගොනුවෙ මුලදව්‍ය වල  ප්‍රතික්‍රියා

1.ඩයි ඔක්සිජන් සමග

S ගොනුවෙ සියලුම මුලදව්‍ය ඩයි ඔක්සිජන් සමග ප්‍රතික්‍රිය කර ඔක්සයිඩ සාදයි .
අමතරව පෙරොක්සයිඩ හා සුපර් ඔක්සයිඩ සාදයි .
      Na  + O2  ->  Na2O

2.ඩයි නයිට්‍රජන් සමග

පළමු කාණ්ඩයෙ ලිතියම් හා දෙවන කාණ්ඩයෙ සියලු මුලදව්‍ය ඩයි නයිට්‍රජන් සමග ප්‍රතික්‍රිය කර නයිට් රයිඩ සදයි .
     3Mg  +  N2  ->  Mg3N2

3.ජලය සමග

බෙරලියම් හැර අනෙකුත් මුලදව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර ලොහ හයිඩොක්සයිඩය සාදයි .
     2Na  +  2H2O ->  2NaOH  +  H2

4.අම්ල සමග

සියලු  මුලදව්‍ය ඔක්සිකරක නොවන ඔක්සිආම්ල ප්‍රතික්‍රියාකර ඩයි හයිඩජන් පිට කරයි .
     2Na  + 2HCl  ->  2NaCl  +  H2

           ලිව්වෙ : කේ.වි.සමිර සදරැවන්                                   උපුටා ගැනිමෙන් වළකින්න .

Saturday, February 4, 2012

අන්තරසර්ග පද්ධතිය හා හොර්මොන

                   අන්තරසර්ග පද්ධතිය හා හොර්මොන

මිනිස් දෙහයෙ විවිධ වු ශ්‍රවයන්  නිපදවිම සදහා සැකසුනු ග්‍රන්ථි විශාල ප්‍රමනයක් ඇති අතර මෙම ග්‍රන්ථි මගින් නිපදවන ශ්‍රවයන් ආදළ ඉලක්ක අවයවය කරා ගෙන යාමට සමහර ග්‍රන්ථි වල ප්‍රනාල ඇති අතර(බාහිරසර්ග ග්‍රන්ථී) සමහර ග්‍රන්ථි වල ප්‍රනාල නොමැත(ආන්තරසර්ග ග්‍රන්ථී).
මෙම ආන්තරසර්ග ග්‍රන්ථි මගින් නිපදවන ශ්‍රවයන් හොර්මොන නම් වන අතර මෙවා අදාළ ඉලක්ක අවයවය කර ගමන් කරන්නෙ රුධිරය හො වසා වහිනි ඔස්සෙය.

                                                        අවසන් කර නොමැත .

Thursday, February 2, 2012

මෙම අඩවියට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්

                               ඔබෙ කුසලතාව එලි දක්වන්න  !

මෙම වෙබ් අඩවියෙන් ඔබගේ විද්‍යා ඥාණය වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්‍යාත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

භෞතික විද්‍යාව.
රසායන විද්‍යාව,
ජීව විද්‍යාව,
පරිගණක විද්‍යාව,
යන විෂයය ක්ෂේත්‍ර ඔස්සේ යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත විද්‍යා ලිපිය අඳාළ විද්‍යාව සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 2 ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. දිගින් දිගටම ඔබ ගුණාත්මකභාවයෙන් ඉහළ ලිපි අප හට සපයන විට මෙම අඩවියට ඍජුවම ලිපි ලිවීමට ඔබ හට අවසර දෙනු ලැබේ. එවිට ඉ-තැපැල් ගිණුමට එවීමට අවශ්‍ය නැත. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක.

                                                  JIVITHESS@gmail.com

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:

සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යෙදිය හැක.
වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි.පිංතූර වල ප්‍රකාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්‍යවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්‍යාකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්‍යාසය හැකි තරම් නිවැරදි විය යුතුයි. සිංහල බසින් ලියන ලද ලිපි වල අක්ෂර වින්‍යාසය www.subasa.net වෙබ් අඩවිය මඟින් පහසුවෙන් නිවැරදි කරගත හැක.

ස්තූතියි!

K.V. Sameera Sandaruwan

Sunday, January 29, 2012

Sport TV

live Cricket streaming, Watch Cricket Online, Watch Live Cricket, India vs West Indies live streaming, Sri Lanka vs England Live,Watch Live Cricket Streaming free online. Cricket Live Streams on Internet. Live Cricket online on computer. Watch Live Cricket online. Free Cricket Streaming of India vs Australia live, Sri Lanka vs South Africa, Pakistan vs Bangladesh live streaming Sony Set http://jivithe.blogsot.com/

Lak FM

                 LIVE LAK FM - JIVITHE.blogspot.com

                           Now Playing Lak fm
                            
Sirasa FM

                    LIVE SIRASA RADIO -JIVITHE.blogspot.com
                                                   
                                        Now Playing Sirasa FM
                                       
G.C.E( O/L ) examination

JATHIKA PASALA

LIVE SIRASA TV

                      LIVE SIRASA TV -JIVITHE.blobspot.com

IT TV

                          JIVITHE.blogspot.com                                                                                            

LIVE PRIME TV

LIVE  PRIME TV -JIVITHE.blogspot.com

Saturday, January 28, 2012

LIVE RUPAWAHINI

     LIVE  RUPAWAHINI -JIVITHE.BLOGSPOT.COM

පදාර්ථය

                                    පදාර්ථය

අප කුඩා කල උගත් සේම, පදාර්ථය තැනී ඇත්තේ ඝණ (Solid), ද්‍රව (Liquid), සහ වායු (Gas), යන මූලික අවස්ථා තුනෙනි. ලොවෙහි පවතින සියළුම ද්‍රව්‍ය මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක පසු වේ. සමහර විට ඒ අවස්ථා තුනෙහිම පවතින ද්‍රව්‍ය නැත්තේ ද නොවේ. උදාහරණයක් ලෙස අයිස්, ජලය, සහ ජල වාෂ්ප ලෙස ජලය (H2O) පවතී.

                                         පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම
                                                    පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම

ඝන(Solid)

ඝණ ද්‍රව්‍ය තැනී ඇත්තේ ඒවායේ අංශූන් දැඩි ලෙස ඇසිරීමෙනි. ඝණ ද්‍රව්‍ය වලට නියත හැඩයක්, සහ පරිමාවක් ඇති අතර පහසුවෙන් හැසිරවිය හැක. මෙම ඝණ ද්‍රව්‍ය වල අංශූන්ගේ ඇසිරීම නිසි රටාවකට සිදුවන අතර ඒරටාව පහසුවෙන් හඳුනාගත හැකිය. එසේම ඒ අංශූන් එකිනෙකට අසුරන ආකර්ෂණ බල ඝණ ද්‍රව්‍ය වල දැඩිව ක්‍රියාත්මක වේ. එක්ස් කිරණ විසරණ ක්‍රමය (X-ray diffraction technique) මගින් පරීක්‍ෂා කළ විට ස්ඵටික දැලිසක් (Crystal lattice) ලෙස ඇසිරී ඇතිවාසේ පෙනෙන්නේ ඒ ඝණ ද්‍රව්‍යයේ සූක්‍ෂම සැකැස්මයි.

ද්‍රව (Liquid)

ද්‍රව වලට නියත හැඩයක් නොමැති අතර පරිමාවක් ඇත. ඒවායේ අංශූන් ලිහිල්ව ඇසිරී පවතී. ද්‍රවයන් දෑම විටම අඩංගු භාජනයේ හැඩය ගනී. බොහොමයක් ද්‍රාවණ සහ සමහරක් ලෝහ වර්ග ද්‍රව ලෙස ස්වභාවයේ පවතී.

වායු (Gas)

වායූන්ට සියමිත හැඩයක් හෝ පරිමාවක් නොමැති අතර ඒවායේ අංශූන් ඉතාම ලිහිල් ලෙස ඇසිරී පවතී. වායූන් ප්‍රසාරණය හෝ සංකෝචනය කළ හැක. ඒවායේ අංශු අතර අවකාශය බොහෝ දුරට හිස්ය.

පදාර්ථය වර්ගීකරණය (classification of matter)
                                                පදාර්ථය වර්ගීකරණය (classification of matter)

පදාර්ථය විවිධාකාරයෙන් වර්ග කළ හැක. සියළුම දෑ පිරිසිදු ද්‍රව්‍යයකි, නැතහොත් මිශ්‍රණයකි. පිරිසිදු ද්‍රව්‍ය එක් දෙයකින් සෑදුන මූලද්‍රව්‍යයක් හෝ යම් ද්‍රව්‍ය එකකින් හෝ කිහිපයකින් සෑදුන සංයෝගයක් විය හැකිය. උදාහරණයක් ලෙස NaCl එසේ සෑදුන සංයෝගයකි. එහි සංඝඨක වනුයේ Na සහ Cl වේ. එසේම මිශ්‍රණ ද සමජාතී හෝ විශමජාතී ලෙස වර්ග කළ හැක. මේවා ඝණ, ද්‍රව, හෝ වායු මිශ්‍රණ විය හැක. සමජාතී මිශ්‍රණ වනුයේ ඒ ඒ සංඝඨක නිසි ලෙස මිශ්‍රවී තැනුන මිශ්‍රණයකි (Homogeneous mixtures). උදාහරණයක් ලෙස කරදිය ගත් කළ, එහි විවිධ දෑ අඩංගු නමුත් එහි සෑම තැනකම නියත සංඝඨක අනුපාතයක් ඇති සමජාතී ද්‍රාවණයක් ලෙස පවතී. විශමජාතී මිශ්‍රණ (Heterogeneous mixtures) එකිනෙක මිශ්‍රවී හෝ නොවී තිබිය හැක උදාහරණයක් ලෙස ජලයේ වූ තෙල් බිඳිති, කිරි, ආදී දේ දැක්විය හැක. ඒවා මිශ්‍රණ ලෙස පිටතට පෙණුනත්, ඇත්ත වශයෙන්ම තැනී ඇත්තේ ඉමල්ෂන් (Emulsion) නම් වූ මිශ්‍රණයක් ලෙසිනි. එසේම කොන්ක්‍රීට් මිශ්‍රණයක් ගත් කළ එහි අඩංගු සිමෙන්ති, වැලි, ගල්, ආදිය සෑම තැනකම එකම අනුපාතයට දැකිය නොහැක: එය විශමජාතී මිශ්‍රණයකි

පරමාණුව (Atom)

                          පරමාණුව (Atom)

මේ පදාර්ථ සියල්ලේ කුඩාම ඒකකය වන්නේ පරමාණුවයි. පරමාණුව යනු පරම-අණුව යන්න බිඳීමෙන් සෑදුනක්. එනම්, තවත් නොබිඳිය හැකි කුඩාම කොටස යන්නයි. ජෝන් ඩෝල්ටන් විසින් නම් කළ ඒ පරමාණුව තවත් කුඩා කොටස් බොහොමයකට බිඳිය හැකි බව අප දැන් හොඳින්ම දන්නා කරුණක්. ඒ නිසා අපි ඒ කොටස් පිළිබඳ අධ්‍යයනය කිරීම පරමාණුව අධ්‍යයනයට හොඳ ආරම්භයක්.

පරමාණුව ප්‍රධාන වශයෙන් කළාප දෙකකට බෙදිය හැකියි.

න්‍යෂ්ඨිය (Nucleus)
ඉලෙක්ට්‍රෝණ වලාව (Electron cloud)
න්‍යෂ්ඨිය යනු පරමාණුවේ මධ්‍යයේ ඇති, ඉතා කුඩා, එහෙත් අධික ඝණත්‍වයක් ඇති කොටසයි. මෙය ධන ආරෝපිත ප්‍රෝටෝන වලින් (Protons) සහ ආරෝපණයක් රහිත නියුට්‍රෝණ වලින් (Neutrons) සමන්විතයි. ඉලෙක්ට්‍රෝණ වලාව එහි නමින්ම හඳුන්වන පරිදි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් (Electrons) යුක්තයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝණ සමග සසඳන කළ, ඉලෙක්ට්‍රෝණයේ ස්කන්ධය ඉතා අල්පයි.

වගුව. 1. උපපරමාණුක අංශූන්ගේ තෝරාගත් ගුණ කිහිපයක්

නම                          සාපේක්‍ෂ ආරෝපණය       ස්කන්ධය (kg)      ස්කන්ධය (amu)       ආරෝපණය (C)

ඉලෙක්ට්‍රෝණය (e)         -1                              9.1095 x 10-31         5.4 x 10-1              1.602x 10-19
ප්‍රෝටෝනය (p)             +1                              1.6725 x 10-27          1.00                       1.602x 10-19
නියුට්‍රෝණය (n)               0                              1.6750 x 10-27          1.00                                 0

විවිධ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුවල සැකැස්ම විවිධයි. ඒවායේ ඇති ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන වෙනස්. ඒ පරමාණුවක සියල්ල ගැබ්ව ඇත්තේ එහි අඩංගු ප්‍රෝටෝන ගණන මත. ඒ නිසා පරමාණුවක් හඳුනාගැනීම එහි ඇති ප්‍රෝටෝන ප්‍රමාණයෙන් කළ හැකියි. පරමාණුවක ප්‍රෝටෝන ගණන සහ ඉලෙක්ට්‍රෝණ ගණන සමාන වූ විට එය පරමාණුවක් (atom) ලෙස හඳුන්වන අතර ආරෝපිත පරමාණු අයන (ion) ලෙස හඳුන්වයි. මූලද්‍රව්‍යයක් සංකේතාත්මකව දක්වන ආකාරය අනුව එහි අඩංගු උපපරමාණුක අංශු ගණන සහ ආරෝපණය මෙලෙස සංකේතවත් කළ හැකියි.

                                       මූලද්‍රව්‍යයක ගුණ සංකේතවත් කරන ආකාරය
                                    X මූලද්‍රව්‍යයක ගුණ සංකේතවත් කරන ආකාරය

මෙහිදී X වලින් දක්වා ඇත්තේ මූලද්‍රව්‍යයේ සංකේතයයි. පරමාණුක ක්‍රමාංකය (Z) වන්නේ එම මූලද්‍රව්‍යයේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි. ස්කන්ධ ක්‍රමාංකය (A) යනු එහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝණ සංඛ්‍යාවේ එකතුවයි. මෙය ඉලෙක්ට්‍රෝණ සංඛ්‍යාවට සමානවන විට එහි ආරෝපණයක් (C) නොමැත (Neutral). සාමාන්‍යයෙන් පරමාණුවක් ආරෝපණය වනුයේ එයට ඉලෙක්ට්‍රෝණ එක්කළ විට (ඍණ ආරෝපණය) හෝ එයින් ඉලෙක්ට්‍රෝණ ඉවත් කළ විට (ධන ආරෝපණය) පමණි. සාමාන්‍ය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයන්ට ආරෝපණයක් නොමැත.

                                                              සෝඩියම්(Na) සංකේතවත් කිරීම

                                                      සෝඩියම්(Na) සංකේතවත් කිරීම

මෙහි දක්වා ඇත්තේ සෝඩියම් මූලද්‍රව්‍යය සංකේතවත් කරන ආකාරයයි. සෝඩියම් වල ප්‍රෝටෝන 11 ක් ඇති අතර නියුට්‍රෝණ 12ක් ඇත. එහි එකතුව 23ක් ලෙස ස්කන්ධ ක්‍රමාංකයේ සටහන් වේ. සාමාන්‍යයෙන් යම් පරමාණුවක හෝ අණුවක ආරෝපණයක් නැති නම් ඒ බව දක්වන්නේ නැහැ. ඒ නිසා ආරෝපණය වෙනුවෙන් වෙන්කළ ස්ථානය හිස්ව තැබේ.

මේ සංකේතයේ ඔබට පෙනෙනවා ඇති ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන සමාන නැති බව. එය එසේ විය හැකියි. ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන සමාන විය යුතුයැයි කියා නීතියක් නැහැ. එකම ප්‍රෝටෝන සංඛ්‍යාව සහිත සමහර මූලද්‍රව්‍යවල සමහර පරමාණු විවිධ නියුට්‍රෝණ සංඛ්‍යා සහිත වෙනවා. ඒවා සමස්ථානික (Isotopes) ලෙස හඳුන්වයි.

උදාහරණ ලෙස හයිඩ්‍රජන් හි සමස්ථානික වන හයිඩ්‍රජන්, ඩියුටීරියම්, සහ ට්‍රිටියම් දැක්විය හැක.

                                       හයිඩ්‍රජන්(H) වල සමස්ථානික වර්ග ත්‍රිත්වය
                                     හයිඩ්‍රජන්(H) වල සමස්ථානික වර්ග ත්‍රිත්වය

මේ සමස්ථානික තුනෙහිම අඩංගු වන්නේ එකම මූලද්‍රව්‍යයක් වන හයිඩ්‍රජන්ය. නමුත් ඒවායෙහි නියුට්‍රෝණ සංඛ්‍යාව (0, 1, 2 වශයෙන්) එකිනෙකට වෙනස් වේ. මේ නිසාම ඒවායෙහි ගුණාංග ද වෙනස්ය. සමස්ථානික වලින් වැඩිවශයෙන් අවධානය යොමුකරන්නේ රසායනික ගුණාංගවල සමානකම් සහ වෙනස්කම් පිළිබඳවයි. උදාහරණයක් ලෙස කාබන් හි සමස්ථානික වන

කාබන්(C) වල සමස්ථානික

යන සමස්ථානික විවිධ කටයුතු සඳහා යොදාගැනේ. සාමාන්‍ය කාබන් අඩංගු වන ග්‍රැෆයිට්, දියමන්ති, සත්ත්ව සහ ශාක වල ඉතා සුළු ප්‍රමාණ වලින් අන් සමස්ථානික ද අඩංගු වී තිබේ. මේ අනුව විකිරණශීලී කාබන් භාවිතයෙන් ෆොසිල, නටබුන්, වැනි පෞරාණික දෑ වල වයස නිර්ණය කිරීමේ (Carbon Dating) ලැබී තිබේ. විවිධ සංයෝගවල ව්‍යුහයන් නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් වන NMR (Nuclear Magnetic Resonance) නම් ක්‍රමයේ එම සංයෝග දියකරනුයේ හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් සමස්ථානිකය ආදේශකළ විවිධ ද්‍රාවණ වලයි. (CDCl3, C6D6, D2O) එවිට එම රසායන ද්‍රව්‍ය වල හයිඩ්‍රජන් (ප්‍රෝටෝන) න්‍යෂ්ඨීන්ගේ පිහිටීම අනුව අදාල සංයෝගයේ ව්‍යුහය තීරණය කළ හැක. එසේම 13C කාබන් සමස්ථානිකය සාමාන්‍ය ද්‍රව්‍ය වල 10% ක් පමණ අඩංගු වන නිසා 13C NMR ක්‍රමවේදය භාවිතයෙන් එම සංයෝගවල ව්‍යුහය නිර්ණය කිරීම තවත් පහසු කරගැනීමට කාබන් න්‍යෂ්ඨිවල පිහිටීම භාවිතයෙන් කරනු ලබනවා

අකාබනික රසායන විද්‍යාව – Inorganic Chemistry

               රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට - 3 කොටස

අකාබනික රසායන විද්‍යාව – Inorganic Chemistry

රසායන විද්‍යාවේ තවත් ඉතාම වැදගත් අංගයක් වන්නේ අකාබනික රසායනයයි. රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කාබන් මූලද්‍රව්‍යය අඩංගු හයිඩ්‍රෝකාබන, ප්‍රෝටීන, යනාදිය කාබනික සංයෝග ලෙසද සහ කාබන් නොවන සංයෝග අඩංගු අකාබනික සංයෝග ලෙසද වශයෙන්. මෙම අකාබනික සංයෝග යටතට වැටෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝහමය සංයෝග සහ ඒවායේ සංකීර්ණ අණුයි (Metals and Metal Complexes). මෙම සංකීර්ණ අණුක ව්‍යුහයන් ගේ සංකීර්ණ කොටස් සෑදී ඇත්තේත් කාබනික සංයෝග වලින්මයි. ඒත් ඒවා අකාබනික සංයෝග ගණයට වැටෙන්නේ රසායන විද්‍යාව තුළ ලෝහ වලට ලැබී ඇති අසීමිත පිළිගැණීම නිසායි. එසේම මෙම ක්‍ෂෙත්‍ර දෙකෙහි විශාල පරාසයක් පොදුව සැලකෙනවා, විශේෂයෙන්ම Organometallic Chemistry නම් උප ක්‍ෂෙත්‍රයේ සංයෝග තැනී ඇත්තේ ලෝහ පරමාණු කෙළින්ම කාබන් පරමාණුවලට බන්ධනය වීමෙන්. උදාහරණයක් ලෙස ග්‍රීනාඩ් ප්‍රතිකාරක (Grignard Reagents) වන මෙතිල් මැග්නීසියම් හේලයිඩ්, මෙතිල් ලිතියම් වැනි සංයෝගවල කාබන්-ලෝහ බන්ධනයක් දක්නට ලැබෙනවා. මේ අකාබනික සංයෝග සහ අකාබනික රසායනය අප නොසිතන ආකාරයට අපේ සාමාන්‍ය ජීවිත වලට සම්බන්ධයි.

             විවිධ ලෝහ වර්ගවල කොටස්
                                           විවිධ ලෝහ වර්ගවල කොටස්

බොහොමයක් අකාබනික සංයෝග අයත් වන්නේ ලවණ වර්ග වලටයි. ඒවා ධනායන (Cation) සහ ඍණායන (Anion) වශ‍යෙන් පවතින අතර අයනික බන්ධන හරහා බැඳී සංයෝග තනනවා. ගෙදර දොරේ භාවිතා වන මේස ලුණු අප වැඩියෙන්ම භාවිතා කරන අකාබනික සංයෝගය වෙනවා. තුවාලවලට බඳින මැග්සල්ට් වල ඇත්තේ මැග්නීසියම් සල්ෆේට් (MgSO4) වගේම බඩ විරේක කරන්න වෙද මහත්තයා දෙන සවිඳ ලුණුවල අඩංගු වන්නෙත් මැග්නීසියම් සල්ෆේට් (MgSO4) ම තමයි. ජලය පවිත්‍ර කිරීමට යොදන ක්ලෝරීන් ද අයත් වන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය යටතටයි. ගෙදර යකඩ ගේට්ටුව, වාහනයේ කොටස් මලකඩ කන්නෙත් මේ අකාබනික රසායනයේ එන ඔක්සිකරණය නිසායි. ඒ වගේම ඒවා වලක්වගන්න තනන තීන්ත වර්ග සහ ගැල්වනයිස් කිරීම ද අයත් වන්නේ අකාබනික රසායනය යටතටයි. මේ ක්‍ෂෙත්‍රය තවත් සංකීර්ණ වන්නේ මෙම ඔක්සිකාරක-ඔක්සිහාරක ගුණ මිනිසාට ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නා බැටරි ආදිය නිෂ්පාදන ක්‍රියාවලියේදීයි. දැන් දැන් ඉන්ධනවලින් දුවන වාහන වෙනුවට බැටරි වලින් දුවන විදුලි වාහන (Electric cars) සහ ඉන්ධන සහ විදුලියෙන් ක්‍රියාකරන දෙමුහුන් කාර් (Hybrid cars) නිෂ්පාදනයේ මූලික අවධානය යොමුව ඇත්තේ ලාභදායී සහ විදුලිය හොඳින් ගබඩා කළ හැකි බැටරි වර්ග තැනීමේ ක්‍රියාවලියටයි. මේ අතර ලිතියම් අයන් බැටරි (Lithium ion batteries) පෙරමුණේ සිටිනවා. කවදා හෝ දවසක පුනර්ජනනය නොකර සැතපුම් දහසක් හෝ පන්සියයක් වාහනයක් ධාවනය කළ හැකි බැටරියක් සොයාගතහොත් එය අනාගත ලෝකයේ වැදගත් සන්ධිස්ථානයක් වනවාට කිසිම සැකයක් නැහැ.
                                     විදුලි මොටර් රථයක්

                                                          විදුලි මොටර් රථයක්

ඒවගේමයි අකාබනික රසායනය කර්මාන්තවලදී නැතුවම බැහැ. ශ්‍රී ලංකාවේ අවාසනාවකට දෝ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය පවතින්නේ ඉතාම ළදරු අවධියක. බොහෝ සම්පත් තිබුණද ඒවා නිසි පරිදි ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. පුල්මුඩේ ඛණිජ නිධිය සහ එප්පාවල ඇපටයිට් නිධියෙන් ලැබෙන සම්පත් වලින් ලංකාවේ විදේශ ණය ගෙවා දමන්න තරම් අගය එක්කළ නිෂ්පාදන (Value Added Products) නිපදවීමේ හැකියාව ඇතත්, ඉල්මනයිට් පිටරට පැටවීමෙන් අප ලබා ගන්නේ සොච්චමක් පමණයි. එසේම එප්පාවල පොස්පේට් නිධියේ පොහොරවල ඇති ෆ්ලෝරීන් ඉවත් කර නිසි ලෙස ගස්වලට උරාගත හැකි පොහොරක් තැනීමට පර්යේෂණ කෙරෙනවාද යන්න සැක සහිතයි. එසේම රජරට වැසියන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන පාණීය ජලයේ ෆ්ලෝරීන් අධික බව කෙළින්ම සම්බන්ධ වන එප්පාවල ඇපටයිටි නිධිය පිළිබඳ නිසි ලෙස ඇගයීමක් කෙරෙනවාද යන්නත් මා දන්දේ නැහැ. සිමෙන්ති නිෂ්පාදනය, යකඩ නිෂ්පාදනය ඇතුළු බොහෝ දේ නිපදවෙන්නේත් අකාබනික රසායනය උපයෝගී කරගෙනයි. කොටින්ම කියනවා නම් ලෝහ සහ ලෝහ භාණ්ඩ අපට ලැබී ඇත්තේ අකාබනික රසායනයේ උපකාරීත්‍වෙයන්.

                       යකඩ නොවන ලෝහ භාණ්ඩ කොටස්
                                           යකඩ නොවන ලෝහ භාණ්ඩ කොටස්

අකාබනික රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට එක් වන තවත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. සබන් නොතිබුණ ආදිකාලයේ මිනිසුන් ගිණි ගොඩවලින් ගත් අළු භාවිතා කර ඇඳුම් සේදූ බව වාර්තා වෙලා තිබෙනවා. මෙසේ කර ඇත්තේ අළුවල ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) මඟින් ඇඳුම් වල ඇති තෙල් කුණු ඉවත් කරන නිසා. දැන් සබන් වල බොහෝ දුරට ඇත්තේ මේද අම්ලවල සෝඩියම් ලවණ වර්ගයි. රෙදි සෝදන කුඩු, ෂැම්පූ වර්ග, ආදියත් අපට ලැබෙන්නේ කාබනික රසායනයත් අකාබනික රසායනයත් එක්ව කරන අපූරු ක්‍රියා නිසා තමයි.
අකාබනික රසායනය බහුල ලෙස යෙදෙන ක්‍ෂෙත්‍රයක් වන්නේ ඉන්ධන නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිතව නිපදවෙන රසායන ද්‍රව්‍ය කර්මාන්තයයි. මෝටර් රථ ඉන්ධන සියල්ලක්ම පාහේ කාබනික සංයෝග වුවත් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උත්ප්‍රේරක (Catalysts) සියල්ලම අපට ලැබී ඇත්තේ අකාබනික රසායනායේ බල මහිමයෙන්. පොලිතීන් වර්ග නිපදවන ක්‍රියාවලිය මුළුමුනින්ම පාලනය කෙරෙන්නේ අකාබනික රසායනයෙන්.

කාබනික රසායන විද්‍යාව – Organic Chemistry

                    රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට  - 2 කොටස

කාබනික රසායන විද්‍යාව – Organic Chemistry

රසායන විද්‍යාවේ බොහෝදෙනා දන්න කොටස වන්නේ කාබනික රසායනයයි. කාබන් සංයෝග ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබීමත්, බොහෝ දෙනා කාබන් පිළිබඳ දන්නා නිසාත් මේ කාබනික රසායනය හැමදෙනාටම සමීප වන්නට ඇති. කාබනික රසායනය මේතරම් පැතිරී ඇත්තේ ඇයිදැයි කියන්න කාබන් පරමාණුවටම යන්න වෙනවා. කාබන් පරමාණුවේ දෙවන කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝණ 4 ක් පමණයි (2s2, 2p2). මේ ඉලෙක්ට්‍රෝණ හතර තවත් කාබන් පරමාණුවක් සමඟ හෝ නයිට්‍රජන්, ඔක්සිජන්, හැලජන, හෝ වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝණ සමඟ සහ-සංයුජව බැඳෙන්න බොහොම කැමතියි. එපමණක් නොවෙයි සමහර ලෝහ සමඟත් බන්ධන තනන්න කාබන් බොහොම ලැදියි. ඒක හරියට අර සමාජයේ ඉන්න “කාගෙත් සුන්දරී“ වගේ…ඇය සමාජයේ හැමෝම සමඟ බන්ධන හදනවා වගේම ඇය හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ කාබන් සංයෝගත් ඒ වගේම හැමෝම අතරේ ජනප්‍රියයි.
                                      කාබන් කැටිති

                                                              කාබන් කැටිති

කාබනික රසායනය ගැන කතා කරත්දි නිතැතින්ම කාබනික සංයෝග පිළිබඳ කතා කරන්න වෙනවා. කාබනික සංයෝග අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇල්කේන (CnH2n+2) වර්ගයි. ජීව වායුව නමින් හඳුන්වන මෙතේන් (CH4), ගෑස් සිලින්ඩර වල ඇති ප්‍රොපේන් (C3H8), ගුවන් යානා ඉන්ධන වන බියුටේන්(C4H10), කාබනික ද්‍රාවකයක් වන පෙන්ටේන්(C5H12), ආදී ලෙස මේ ඇල්කේන වර්ග කරන්න පුළුවන්. වාහන වලට යොදන පැට්‍රෝල්, ඩීසල්, පාරට දමන තාර, මෙන්ම ඉටිපන්දම් තැනීමට යොදා ගන්නා පැරෆින් ඉටි ද මේ ඇල්කේන වලට අයත්. ඇල්කීන සාමාන්‍ය ජීවිතයේදී එතරම් භාවිතා නොවුනත් ඒවායින් තනන බහු අවයවික (Polymers) නම් බොහෝ තැන්වල ඕනවටත් වඩා භාවිතාවන්නේ පොලිතීන් (Poly-ethylene) නමින්. දැන් දැන් විවිධ ආකාරයේ පොලිතීන් වර්ග භාවිතා වන්නේ අධික තාපයට, හිරු රශ්මියට, විවිධ පාරිසරික සාධක වලට ඔරොත්තු දෙන ආකාරයට සැකසීමෙන්.

කාබනික සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් වලින්ම පමණක් සෑදුනක් නොවෙයි. ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් වැනි විද්‍යුත් ඍණතාවයෙන් කාබන් වලට සමාන පරමාණු සහ සංයුජව බැඳී විවිධ සංයෝග තනනවා. ඒ අතර සමහරුන්ට නැතිවම බැරි මද්‍යසාර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ මද්‍යසාරවල අඩංගු එතනෝල් (CH3CH2OH) විසින් ඒ අයට පෙන්වන අපූරු ලෝකය නිසාවෙන්. ඒ වගේමයි මෙතනෝල් (CH3OH) පානය කරලා වේලසනින්ම පරලොව යන අයත් අප අතර සිටිනවා. විශේෂයෙන්ම නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනයේදී මෙතනෝල් සහ එතනෝල් වෙන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කසිප්පු මුදලාලි ගමේ බණ්ඩයියට පොලිතීන් උරයේ දාලා දෙන්නේ මේ කාබනික සංයෝග දෙකේ මිශ්‍රණයක්. ඒ ආනුභාවයෙන් පරලොව යන බණ්ඩයියාව එම්බාම් කරන්න අවමංගල්‍ය ශාලාවෙදි භාවිතා කරන්නේ ෆෝමලීන් නොහොත් ෆෝමැල්ඩිහයිඩ් (H2C=O). ඊට පස්සේ බණ්ඩයියගේ මරණයේ වැඩකටයුතු වලදි සුදුකොඩි දාන්නේ පොලිතීන් වලින්, ඒ වගේම සෑය ගිණිගන්න දර වලට මිශ්‍ර කරන්නේ පැට්‍රල්. මෙන්න මෙහෙමයි රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න බණ්ඩයියාගේ ජීවිතයට රසායන විද්‍යාව වැදගත් වෙන්නේ.

ඒ විතරක් නොවෙයි. අපේ ශරීරයේ ඇති බොහොමයක් දෑ තැනී ඇත්තේ කාබනික සංයෝග වලින්. ප්‍රෝටීන, ලිපිඩ, රුධිරයේ අඩංගු හිමෝග්ලොබීන් වල ඇති සංයෝග ආදිය මින් ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ජීවයේ මූලික සංඝඨකය වන DNA අණුවේ සියළුම භෂ්ම වර්ග කාබනික සංයෝගයි. මේ නිසාම කාබනික රසායනය සහ කාබනික සංයෝග ජීවයේ උපත සහ ජීවය පවත්වාගැනීම කෙරෙහි දැඩි බලපෑමක් කෙරෙනවා. ඒවගේමයි, ජීවයේ විනාශයත් කවදා හරි වන්නේ කාබනික සංයෝග නිසාම තමයි. දැන් දැන් සීඝ්‍රයෙන් ඉහල යන කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය නිසා සිදුවන පාරිසරික විපර්යාස නිසාම ජීවය මෙලොවින් තුරන් වන්නට බැරි කමක් නැහැ. දැනට වැඩිවන වේගයෙන් කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වැඩි වුවහොත් වසර 2050 වනවිට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය දැනට ඇති මිලියනයකට කොටස් 390 සිට මිලියනයකට කොටස් 750 ක් (750 ppm) දක්වා වැඩි වන්නට පුළුවන්. මෙය සෞඛ්‍ය විද්‍යාත්මකව මිනිසාට එතරම් බලපෑමක් ඇති නොවුනත් ශාඛවල අධික වර්ධනයත් සමහර සතුන්ගේ (විශේෂයෙන්ම ඉකිරින් වැනි මුහුදු ජීවීන්ගේ) විකලාංග තත්ත්‍වයනුත් ඇති කිරීමට සමත්. ඒ වගේමයි මුහුදු මට්ටම ඉහල යාම සහ ධ්‍රැව අයිස් දියවීම, ඒ ප්‍රදේශ වල ජීවත්වන සතුන්ගේ වඳවීම ආදී එකිනෙකට බැඳුන බොහෝ අහිතකර දෑ සිදුවන්නට මේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් වගකිව යුතුයි. මේවා සිදුකෙරෙන්නේ මිනිසුන් වන අපේම අතින්…. ඒකයි වඩාත්ම කණගාටුදායක දේ.
              කාබන් චක්‍රය (NASA ඇසුරෙනි)

                                                             කාබන් චක්‍රය (NASA ඇසුරෙනි)

කාබනික සංයෝගවල සිදු වූ දැවැන්තම විප්ලවය සිදු වන්නේ නැනෝතාක්‍ෂණය ලොවට හඳුන්වාදීම හරහායි. කාබන් නැනෝ ටියුබ් (Carbon Nano Tube- CNT) යනු කාබන් වලින්ම පමණක් තැනුන නැනෝමීටර (10-9 m) ගණනක් තරම් කුඩා නල විශේෂයක්. මේවා තනන්නේ විශේෂිත පෝරණු වර්ගයක තුළ කාබන් සංයෝග වාෂ්පීකරණයෙන් සහ තැන්පත් කිරීම (Chemical vapor deposition) මගින්. මේ CNT වර්ග විවිධ කටයුතු සඳහා යොදා ගන්නවා, එපමණක් නොවෙයි දැන් දැන් විවිධ ලෝහ වර්ගද මේ CNT වලට මුසු කිරීමෙන් විප්ලවීය සොයාගැනීම් නිතිපතා ලෝකයට එක් වෙනවා. ලංකාවත් මේ අංශයෙන් තරමක් දායක වී තිබෙනවා. Sri Lanka Institute of Nano Technology (SLINTEC) ආයතනයේ මෙම නැනෝ තාක්‍ෂණික පර්යේෂණ සිදුකෙරෙන්නේ ලාංකීය සංවර්ධනයට හැකි පමණින් දායක වෙමින්. ඒ වගේමයි කාබන් වලින්ම තැනුන ඉතා මෘදු මිනිරන් සහ කාබන් වලින්ම තැනුන දියමන්තිත් කාබනික රසායනයේ විශ්මයජනක නිර්මාණ වලින් වැදගත් දෙකක්.
                                  දියමන්ති (abazias.com ඇසුරෙනි)

                                                                    දියමන්ති
අප සියළුම දෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින්න උපකාරී වන විවිධාකාර ඖෂධ වර්ගද අයත් වන්නේ මේ කාබනික රසායන ද්‍රව්‍ය ගණයටයි. ඒ වගේම සමහරුන් ලෙඩ කරවන විවිධාකාර මත් ද්‍රව්‍යද මෙයටම අයත් වන්නේ ලෝකයේ සමබරතාවය මොනවට කියාපාමින්. ලෝකය සුවකරන දෑ මෙන්ම ලෝකය විනාශ කරන විවිධාකාර පුපුරණ ද්‍රව්‍යයනුත් තැනෙන්නේ කාබනික රසායනයේ බලමහිමයෙන්. ඉතා සුමට සිනිඳු පොලිතීන් කොළයක් මෙන්ම වානේ මෙන් සවිබල ඇති කාබන් තන්තු තැනෙන්නෙත් එකම කාබන් මූලද්‍රව්‍යය උපයෝගී කරගෙනයි.

කාබනික රසායනය ඉතාම පුළුල් පරාසයක පැතිරී ඇති විෂයයක්. ඒ නිසාම ඒ පිළිබඳව කෙරෙන පර්යේෂණත් විශාල ප්‍රමාණයක්. විවිධ අංශ රාශියක් ඇති මේ කාබනික රසායනය ඉතාම සරවත් සහ සාරවත් විෂයයක්. ඒ පිළිබඳ හදාරන්න හදාරන්න ඒ ගැන ඇති ආශාව, උනන්දුව වැඩි කෙරෙනවා.

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට

                  රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට
රසායන විද්‍යාව යනු ලොව පවතින ද්‍රව්‍ය සහ ඒවා හා සබැඳි වෙනස්වීම් ලෙස සරලව දැක්විය හැකි වුවත්, කාලයාගේ ඇවෑමෙන් එයට එක්වන විවිධ සොයාගැනීම් සහ වෙනස් වීම් නිසා එම අර්ථකථනයෙන් බොහෝ ඈතට රසායන විද්‍යාව ගමන් කර ඇති බවක් පෙනේ. රසායන විද්‍යාවේ මූලිකම කාර්යය වන්නේ ද්‍රව්‍යයන්හි සංයුතිය, හැසිරීම, ස්වභාවය සහ ගුණාංග පිළිබඳව සහ ඒවා ප්‍රතික්‍රියාවලදී භාජනය වන වෙනස්කම් පිළිබඳව හැදෑරීමයි. “Chemistry is the Central Science” යනුවෙන් ඉතා ප්‍රකට කියමනත් ඔබ අසා ඇති. එනම්, රසායන විද්‍යාව සියලු විද්‍යාවන්ගේ මූලික විද්‍යාව යන්නයි. ඔබ අවට බලන්න, ඒ අවට ඇති දෑ වලින් කීයක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත් ද? රසායනික ද්‍රව්‍ය වලින් නිම වූ කෘත්‍රිම දෑ වලින් සෑදී ඇත්ද? කියා. සැබැවින්ම කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ දෑ වලින් අප ජීවිතය පිරී පවතී. ස්වභාවයේ පවතින බොහෝ දෑ ද රසායනික ද්‍රව්‍ය ගණයට අයත් වේ. ළදරුවෙකු ඉපැදුන අවස්ථාවේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක සිට කෙනෙකු මියගිය පසු එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් එන්නත දක්වා අප පරිහරණය කරන බොහෝ දෑ රසායන විද්‍යාවේ බලමහිමයෙන් අප ලෝකයට ලැබුණ දේ බව සිතන්නේ කීයෙන් කී දෙනාද? බොහොමයක් දෙනා රසායන විද්‍යාව දෙන බලන්නේ විවිධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නක් ලෙස විනා මෙයින් ගත හැකි සහ ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න පිළිබඳව නොවේ. බොහෝ දෙනා නොසිතන, රසායන විද්‍යාවේ එදිනෙදා යෙදීම් පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ මූලික අරමුණයි.

                                              Chemistry is the Central Science
                                                      Chemistry is the Central Science

රසායන විද්‍යව මූලිකව කොටස් කිහිපයකට බෙදා වෙන්කළ හැකිය.

විශ්ලේෂණාත්මක රසායනය (Analytical Chemistry) – විවිධ උපකරණ සහ විවිධ රසායනික ක්‍රම භාවිතයෙන් කරන මිනුම්, සහ ඒ ආශ්‍රයෙන් කෙරෙන නිගමන.
ජීව රසායන විද්‍යාව (Bio Chemistry) – ශරීරයේ විවිධ රසායන ක්‍රියා, එන්සයිම සහ ක්‍ෂුද්‍ර ජීවීන් ආශ්‍රිතව සිදු කෙරෙන රසායන ක්‍රියා පිළිබඳව සලකා බැලීම.
අකාබනික රසායනය (Inorganic Chemistry) – ලෝහමය සංයෝග පිළිබඳ සලකා බැලීම.
කාබනික රසායනය (Organic Chemistry) – කාබන් මූලද්‍රව්‍යය සබැඳි සංයෝග පිළිබඳ සලකා බැලේ. මෙය ඉතා විශාල සංයෝග රාශියක් සහිත අංශයකි.
භෞතික රසායනය (Physical Chemistry) – රසායන ශක්තීන්, සහ රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව ගැඹුරින් හැදෑරෙන අංශය.
ද්‍රව්‍යමය රසායනය (Materials Chemistry) – ද්‍රව්‍ය පිළිබඳව හැදෑරීම කෙරෙන විශේෂයෙන්ම ඉගැන්වීම් සඳහා වැඩිපුර යෙදෙන අංශයකි.
සිද්ධාන්තමය රසායනය (Theoretical Chemistry) – මූලික සිද්ධාන්තමය පැහැදිලි කිරීම් මත සිදුකෙරෙන ගණනය කිරීම් ආශ්‍රිත රසායන විද්‍යාව.
මේවාට අමතරව වෙනත් බොහෝ උප විෂයයන් 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් රසායන විද්‍යාවට අයත් වන අතර ඒවා බොහොමයක් ඉහත වර්ග යටතට ද දැක්විය හැකිය. අපි මේ ප්‍රධාන කාණ්ඩ වෙන වෙනම සරලව සලකා බලමු.

විශ්ලේෂණාත්මක රසායනය (Analytical Chemistry)

බොහෝ දෙනෙක් නොදන්නවාට, මෙය සාමාන්‍ය ජීවිතයට ඉතා සමීප විෂයයකි. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතුවලට මෙය යොදා නොගත්තද, ඔබ වෙනුවෙන් විශ්ලේෂණයන් සිදු කරන බොහෝ ආයතන සහ පුද්ගලයන් ඔබේ ජීවිතය යහපත්ව සහ සරලව පවත්වාගෙන යාමට උපකාරී කිරීමට විශ්ලේෂණාත්මක රසායනය භාවිතා කරගනී. විශ්ලේෂණාත්මක රසායනයේ දී මූලිකව කෙරෙනුයේ ස්වභාවික සහ කෘත්‍රිම ද්‍රව්‍යවල සංඝටක වෙන් කිරීම, හඳුනාගැනීම, ගණනය කිරීම ආදී දෑයි. මෙය ඒ ඒ ද්‍රව්‍යයේ ගුණාංග හඳුනා ගැනීම (Qualitative) හෝ ඒවායේ සංඛ්‍යාත්මක ගණනය කිරීම (Quantitative) ලෙස ප්‍රධානව කොටස් දෙකකට බෙදේ. මේ ක්‍රම දෙක උසස් නොහොත් ස්වාධීනව කෙරෙන විශ්ලේෂණයන් (Classical) හෝ උපකරණ ආශ්‍රිතව කෙරෙන විශ්ලේෂණයන් (Instrumental) ලෙස මූලිකව වර්ග කළ හැක. මෙම විෂයය බොහෝවිට සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ යම් ද්‍රව්‍යයක් හෝ වස්තුවක ඇති සංඝටක සොයාගැනීම, අපරාධයක් වූ විට ඒ හා සම්බන්ධ සාක්‍ෂි සම්පිණ්ඩනයට, රුධිර, ඩී එන් ඒ සාම්පල වැනි නොයෙකුත් පරීක්‍ෂා ආදී සේවා සම්බන්ධව වේ. සාමාන්‍ය රසායනඥයෙකුට වඩා විශ්ලේෂණාත්මක දැනුමක් මේ කාර්යයන්හි යෙදෙන පුද්ගලයෙකුට තිබිය යුතු වන අතර සියලුම ප්‍රතිඵල නියමිත පරිදි වලංගු කිරීම (Validate) කළ යුතුය. මේ සඳහා අවම වශයෙන් අදාළ පරීක්‍ෂණය තෙවරක් වත් ඒකාකරව සිදුකර ලැබෙන ප්‍රතිඵල සංඛ්‍යාලේඛනාත්මකව නිරවද්‍ය බවට (Statistical Accuracy) තහවුරු කළ යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ පානය කරන ජලය, ජල පිරිපහදුවේ සිට ඔබ නිවස වෙතට පැමිණෙන විට කිහිප වරක් විශ්ලේෂණාත්මක රසායනඥයින්ගේ පරීක්‍ෂාවලට භාජනය වී ඒ ඒ පරීක්‍ෂණ වලින් සමත්ව පානයට සුදුසු යැයි සහතික කල යුතුය. මෙහි බැරෑරුම් කම ඔබට වැටහෙන්නේ නොමැති වුවත්, පානීය ජලය ක්‍ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය, බැර ලෝහ ප්‍රතිශතය, ඔක්සිජන් ප්‍රමාණය ආදී නොයෙකුත් පරාමිතීන් සඳහා නිබඳ පරීක්‍ෂාවන්ට ලක් කර ජල නල වලට මුදා හැරේ. මෙය බැලූ බැල්මට සරල සේ පෙනුනද, යම් හෙයකින් එක් පරාමිතියක් හෝ වෙනස් වුවහොත් සිදුවන විනාශය සුළුපටු දැයි ඔබටම සිතා බැලිය හැක. අද ලංකාවේ හතු පිපෙන්නාක් සේ බිහිවී ඇති විවිධ රසායනාගාර සේවා මධ්‍යස්ථාන වල මේ කර්තව්‍යයන් හරිහැටි සිදු වනවා දැයි සිතීම අපහසුය… බොහෝ රසායනාගාරවල පිළිගත් සුදුසුකම් සපිරූ විශ්ලේෂක රසායනඥයන් දක්නට නොමැත. ඒ වෙනුවට ඇත්තේ තාක්‍ෂණික නිලධාරීන්ය. ඔවුන් කෑලි ගානට විශ්ලේෂණයන් කරනවා විනා නියමිත පරිදි සංඛ්‍යාලේඛනාත්මකව ප්‍රතිඵලවල නිරවද්‍ය බව තහවුරු කරනවාද යන්න පාරිභෝගිකයන් ලෙස අප සැවොම හොඳින් සලකා බැලිය යුතු කාරණයක් වේ. එසේ නැතහොත් වකුගඩු ආබාධයක පරීක්‍ෂණයක් සඳහා රසායනාගාරයකට මුත්‍ර සාම්පලයක් දෙන පුරුෂයෙක් මව් පදවිය ලබන බවට තහවුරු වී ප්‍රතිඵල සටහන ලැබෙන්නට හැකියාවක් අපේ ලංකාවේ ඇතිවිය හැකිවීම පුදුමයට කරුණක් නොවිය හැක. එසේ වුවද, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේෂකයන්, කාර්මික තාක්‍ෂණ ආයතනයේ විශ්ලේෂකයන්, ජාතික ප්‍රමිති කාර්යාංශයේ විශ්ලේෂකයන් සහ අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාර කිහිපයක කටයුතු පිළිගත හැකි අයුරින් උසස් ලෙස සහ ස්වාධීනව පවත්වාගෙන යන අයුරු පැසසිය යුතු කරුණක් බව ද නොකියාම බැරිය.
විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව වැදගත් වන අංශ බොහොමයකි: අපරාධ පරීක්‍ෂණය, පාරිසරික විද්‍යාව, ර්මාන්ත රසායනය, වෛද්‍ය විද්‍යාව ආදී දේ වලට මෙය ඉතා වැදගත් වේ. උසස් විශ්ව විද්‍යාලවල වෙනම අංශයක් අපරාධ ජීව රසායන විද්‍යාව (Forensic Chemistry) සම්බන්ධව පැවතීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ මෙම විශ්ලේෂණාත්මක රසායනය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන් වුවත් දියුණු රටවල රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාරවල, කර්මාන්තශාලාවල, සහ විවිධ රාජ්‍ය ආයතනවල අවම වශයෙන් සහතිකලත් විශ්ලේෂකයන් එක් අයෙක් හෝ සිටී. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම දැන් දැන් වැඩි වශයෙන් මේ විශ්ලේෂණ සඳහා උපකරණ භාවිතය වැඩි වීමට පටන් අරගෙන තිබේ. එය නිරවද්‍ය ප්‍රතිඵල ක්‍ෂණිකව ලබාගැනීමෙන් අදාල කාර්යය ඉක්මනින් කර ගැනීමට සහ කාලය ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස රුධිරයේ සීනි සාන්‍ද්‍රණය පරීක්‍ෂා කිරීමට මීට දශක ගණනාවකට පෙර රුධිරය තරමක ප්‍රමාණයක් භාවිතාකර කළ පරීක්‍ෂණයට වඩා රුධිර බිඳුවක් විශ්ලේෂණ තීරුවක් මත තබා ඒ උපකරණයට ඇතුළත් කිරීමෙන් ක්‍ෂණිකව ප්‍රතිඵලය ලබා ගත හැක. එය වඩා නිරවද්‍ය වන අතර ස්වයංක්‍රීය ගණනය කිරීමක්, දත්ත ගබඩා කර ගෙන තබා සතිය හෝ මාසය අවසන සම්පූර්ණ වාර්තාවක් දෙන තරමට දියුණු කිරීමට නවීන තාක්‍ෂණය දියුණු වී තිබේ. මේ සියල්ල විශ්ලේෂණාත්මක විද්‍යාඥයින් දිවා රෑ නොබලා කරන පර්යේෂණ වල ප්‍රතිඵල වේ. මෙම විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව දැන් දැන් සීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බවට පත් වී තිබේ. වේගවත්ව දියුණු වන ලෝකයට කාලය යනු මුදල්ය. යම් විශ්ලේෂණයක් ක්‍ෂණිකව නිරවද්‍යව කරගැනීමට ක්‍රම සැකසීම විශ්ලේෂණාත්මක විද්‍යාඥයින්ගේ කාර්යභාරයයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන මුත් මිනිස් සිත මෙහෙයවා කරන්නට බැරි දෙයක් නොමැත. පෘථිවිය මත සිට අඟහරු ලෝකයේ පස්වල ඇති ජලය සාන්‍ද්‍රණය මනින්නට පවා මිනිසාට හැකියාව ලැබී ඇත්තේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ බලමහිමය නිසාවෙනි. එය ඒ තරම් ප්‍රබලය.

Design by ජීවීතේ(Jivithe) | Bloggerized by SS Sameera Sandaruwan - cheap international calls