
රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට - 2 කොටස
කාබනික රසායන විද්‍යාව – Organic Chemistry
රසායන විද්‍යාවේ බොහෝදෙනා දන්න කොටස වන්නේ කාබනික රසායනයයි. කාබන් සංයෝග ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබීමත්, බොහෝ දෙනා කාබන් පිළිබඳ දන්නා නිසාත් මේ කාබනික රසායනය හැමදෙනාටම සමීප වන්නට ඇති. කාබනික රසායනය මේතරම් පැතිරී ඇත්තේ ඇයිදැයි කියන්න කාබන් පරමාණුවටම යන්න වෙනවා. කාබන් පරමාණුවේ දෙවන කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝණ 4 ක් පමණයි (2s2, 2p2). මේ ඉලෙක්ට්‍රෝණ හතර තවත් කාබන් පරමාණුවක් සමඟ හෝ නයිට්‍රජන්, ඔක්සිජන්, හැලජන, හෝ වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝණ...